Jeewan Rathnayake

Tuesday, September 15, 2015

ඌරුබොක්ක සමුකිරණ මුදල් ගසාකෑම



මේ වන තෙක් කාටවත් ඇස නොගැටුනු ඌරුබොක්ක-මාතර, පනාකඩුව-මාතර සදහා යොදා ඇති සමුකිරණ බස් රථ සාමාන්‍ය බස් රථ වලට වඩා එක හමාරක් අයකරන අතර ආසන අවසන් වූ පසු ඔවුන්ගේ හිතුමනාපයට මගීන් රගෙන යයි..
සාමාන්‍ය බස් රථයක ගාස්තුව 60ක් නම් මෙම බස් රථවල 90ක් වේ. 

දකුනු පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අදිකාරි තුමනි මේ ඔබේ අවදානය පිනිසයි..

Sunday, September 2, 2012

අතිශයින්ම වැඩිහිටියන්ට පමනයි




ඔන්න කොල්ලනෙ කොහොමද ඔන්න අදත් මන් දෙන්න යන්නෙ ෆට්ට වැඩක් එ කිව්වෙ ලොකු අතල් අකක් ගන්න පුලුවන් සුපිරි වැඩක් හිහිහිහි ඔයලට මතකයි නෙ අතිශයින්ම වැඩිහිටියන්ට පමනයි (part1) කියන පොස්ට් 1කක් එකට ගොඩක් හොද ප්‍රතිචර තිබුනා අපෙ කොල්ලො කෙල්ලන්ගෙන්,1කෙ මම දුන්නෙ පොඩි චැට් රුම් සයිට් 1කක් හිහිහිහිහි අපෙ බ්ලොග් 1කට එන අයට නම් 1ක අමුතු දෙයක් නෙමෙයි නෙ කියනවට වඩා හොදයි ගිහිල්ලම බලන්නකො ඔන්න එහෙනම් මන් දෙන්න යන්නෙ  අතිශයින්ම වැඩිහිටියන්ට පමනයි (part2)  හිහිහිහිහි අපෙ සමහරක් අය අහව්වා කවද මෙක දෙන්නෙ කියලා ඔන්න එහෙනම්,

මෙකත් අවිල්ලා පට්ට සයිට් 1කක් මෙක ලොකයෙ ගොඩක් ප්‍රසිද්ද සයිට් 1කක් මෙකෙ ගොඩක් අය ඉන්නවාහරි ඔන්න එහෙනම්
Omegle
සයිට් 1කට යන්න ඔන නම් පහල ලොගො 1ක කිලික් කරන්න සැලකිය යුතුය - පොඩි පොඩි උන යැමෙන් වැලකි සිටින්න +18



ඔන්න මෙ සයිට් 1කට ගොඩ උනහම මෙන්න මෙ වගෙ තමයි ඔයට දිස් වෙන්නෙ මෙ සයිට් වලට යන්න බැරි නම් අයිපි(IP) 1ක මරු කරල යන්න.


ඔකෙ ඔයට පෙනවා ඇති මම කහ පටින් කොටු කරලා තියනවා ඔකෙ  කියන 1ක දෙමොත් නිකන් චැට් පමනයි හිහීහිහි අපිට මොකටද නිකන් චැට් අපිට ඔන විඩියො 1ක ඔකෙ   කියන බටන් 1ක කිලික් කරන්න ඉට පස්සෙ ඔයලගෙන් අහයි අපෙත් විඩ්යො 1ක දන්නද කියලා හ කැමති නම් දා ගනිල්ලා..



ඉට පස්සෙ ඉතින් තියෙන්නෙ පොඩි චැට් 1කක් දාන්න තමයි ඔයලට ඔනෙ නැ වගෙ නම් disconnect කර ගන්න ඉට පස්සෙ අයෙත් තත්පර 3කින් අලුත් කෙනෙක් එයි හිහිහිහිහිහිහි වැඩියෙ කෙල්ලොත් 1ක්ක නම් චෙට් එපා හොදෙ!
ඔන්න අපි ගියා ඉලගට Part 3  වලින් හම්බවෙමු! +18

Sunday, July 1, 2012

Kolaveri Di ගීතයේ තේරුම දන්නවද?


කාලෙන් කාලෙ‍ට හමා බසින රැළි අතරෙ කොලවරි රැල්ල හමන්නට වුණා. මේක ලංකාවෙත් ජනප්‍රිය වූ තරම කිව්වොත් විවිධ නාලිකා පවා මෙය අනුකරණය කරමින් තේරැමක් නැති වචන යොදා ගී නිර්මාණය කරා. බීල කියපු තේරැමක් නැති වචන සෙට් එකක් කියල අවබෝධයක් නැතුව හිතුවට පොඩ්ඩක් අපි මෙහෙම හිතල බලමුද???



කොලවරි කියන්නෙ දෙමළ බසින් මිනීමරැ ආවේගය.


Why This Kolaveri Kolaveri Kolaveri di???

තරැණයෙක් එහෙම අහනවා. ඇයි? ඔහුගෙ පෙම්වතිය ඔහුව අමතක කරල. කොල්ලා මේක දරැණු වැඩක් විදියට දකිනවා. ඌට මේකට අම්බානක තදවෙනවා. ආවේගයක් ඇතිවෙනවා.

Why This Kolavari Kolavari Kolaveri di???

කෙල්ලෙ ඇයි මේ තරම් දරැණු ආවේගයක්. මේ ආදර ගීතය විරහවින් ඔබ්බට ගිහින්.

Distancela Moon nu Moon un
Moon un Colour ru White tu

ඩෝප් එකෙන් කියන මේකෙ තේරැම ඈත හද තියෙනවා. හදේ වර්ණය සුදුයි. මෙතනදි විශ්ව සත්‍යයක් පද රචකයා අපට කියනවා. මිනිස් ස්වභාවය ගැන.

White tu Background nighter to night tu
night to Colour ru black ku

ඒ කියාපු සුදු හඳේ තියෙන වර්ණය සුදු වුණාට සුදු හඳ තියෙන රාත්‍රියේ වර්ණය කලුයි. ඇයි මේ තරම් දරුණු ආවේගයක් කෙල්ලෙ?
හඳ සුදුයි. ලස්සනයි. ඒත් ඒ හඳ තියෙන පසුබිම කලුයි. කලු රාත්‍රියෙදි තමයි සුදු හඳ මතුවන්නෙ.

Whitu Skin nu Girl lu Girl lu
Girl lu Heart to Black lu


සුදු හම තියෙන කෙල්ලෙක් ඉන්නවා. ඒත් ඒ කෙල්ලගෙ හදවත කලුයි.

කලුම කලු රාත්‍රිය නිසා සුද හඳ අපිට පෙනුනට අර කෙල්ලගෙ සුදු හින්දා ඇයගෙ කලු හදවත අපිට දකින්නට බැරි වෙනවා. එත් ඔහු ඒ කලු හදවත දැකල තියෙන්නෙ ප්‍රමාද වෙලයි. ඕක ඔහුට පුදුමයි. ඔහු එය පුදුමයක් නොවන බව සොබාවය දිහා බලල තේරුම් ගන්නවා. ප්‍රතිවිරැද්ධ කාරණා අපූරැ ලෙස කළ ගැලපීමක්. යින් යැංග් ලාංඡනය වගේ. ආසියානු දාර්ශනිකත්වය තුළ සුදු හා කලු අතර තිබෙන අන්‍යෝන්‍ය සබදතාව එයින් කියැවෙනවා.

Eyes su eyesu Met tu meet to... My yu future dark ru dark ku
Oh....Why this Kolavery di?

නෙතට නෙතක් මුණ ගැසුණා. ඒකෙං වුණේ මගේ අනාගතය අදුරැ වුණු එකයි. ඇයි මෙතරම් රිදුම් දෙන්නෙ? ඊට පස්සෙ කොල්ලා බොන්න ගන්නවා දුකට.

Hand la glass su
Glass li Scotch chu
Eyes su Full la Tear ru

අතේ තියෙන වීදුරැවෙ විස්කි පිරී ඇත. ඒ වගේම දෑසේ කදුලු පිරී ඇත.

Empty life fu Girl lu come mu
Life fu reverse su gear ru

හිස් ජීවිතයක් වෙතට කෙල්ලක් පැමිණ, ජීවිතය ආපස්සට හැරවුණා.

Love vu love vu
Oh my lovu
U Showed me bow wu..


ආදරය ආදරය, ඔබ මගේ ආදරය. ඔබ මගෙන් සමුගත්තා. පසුව ඔහු දෙවියන් අමතමින් කියයි. මෙහි දෙවියන් Cow ලෙස හැගවේ. හින්දු ආගමේ ගවයා දෙවියෙක් සේ සළකයි.

Cow wu Cow wu holy Cow wu
I want you hear no wu
God I am dying now wu
She is Happy how wu

උතුම් දෙවියනි. මා දැන් මියෙන්ටයි සූදානම. ඒත් ඇය සතුටින් සිටින්නේ කොහොමද?

පැත්තක ඉදන් හිතල බැලුවාම මේක මහා ගීතයක්. ඔබත් හිතල බලන්න.   Jeewan 071-5865709...

Tuesday, April 10, 2012

පැරණි රියදුරු බලපත්‍ර ඉදිරියේදී අහෝසි වෙයි?

රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත "රියදුරු අභිවෘදී ලකුණු ක්‍රමය" ක්‍රියාත්මක වීමත් සමග පැරණි රියදුරු බලපත්‍ර හිමි ලක්ෂ 40 කට පමණ නව "සමාර්ට්" රියුදුරැ බලපත්‍රය ගැනීමේ අවධානමක් මතුවී ඇත.

ඒ අනුව "රියදුරු අභිවෘදී ලකුණු ක්‍රමය" පළමුව දැනට ස්මාර්ට් රියදුරු බලපත්‍ර ඇති රියදුරන් සඳහා ක්‍රියාත්මක වෙන අතර පසුව ලක්ෂ හතළිහක් පමණ වන පැරණි රියදුරු බලපත්‍ර හිමි යට එම ලකුණු ක්‍රමය ක්‍රියාත්මක වීමට නියමිතයි.

ඒ අනුව පැරණි රියදුරු බලපත්‍ර හිමියන්ට තමන්ගේ පැරණි රියදුරු බලපත්‍රය ලබාදී "සමාර්ට්" රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේ හැකියාවක් පවතී.මේවනවිට පැරණි බලපත්‍ර හිමියන්ට මෙම නිතිය ක්‍රියාත්මක කරන ආකාරය පිලිබඳ සාකච්ඡා කරමින් පවතී.

"රියදුරු අභිවෘදී ලකුණු ක්‍රමය" ක්‍රියාත්මක කරන කාල වකවානුව එළඹෙන අලුත් අවරුදු සමයෙන් පසුව දැනුම් දීමට නියමිතයි

රියදුරු වැරදි හා යෝජිත දඬුවම් ලකුණු

   1. අනතුරක් වැළැක්වීමට උත්සාහ නොකිරීම (දඬුවම් ලකුණු 6)
   2. අවදානම් සහගත තැන්වල වේගයෙන් ධාවනය (දඬුවම් ලකුණු 8)
   3. අධිවේගී මාර්ගයේ නොසැලකිලිමත් ධාවනය  (දඬුවම් ලකුණු 8)
   4. අනතුරක් සිදුවූ පසු නොනැවතී ධාවනය (දඬුවම් ලකුණු 10)
   5. අනතුරක් වූ පසු ළ`ගම පොලිසියට දන්වා නොතිබීම(දඬුවම් ලකුණු 10)
   6. වේග සීමා අභිබවා ධාවනය(දඬුවම් ලකුණු 6)
   7. පාරේ වම් ධාවන තීරුවේ ධාවනය නොකිරීම(දඬුවම් ලකුණු 2)
   8. පාර පැහැදිලි නැති තැනක වැරදි ලෙස ඉස්සරකිරීම(දඬුවම් ලකුණු 6)
   9. වැරදි පැත්තෙන් ඉස්සර කිරීම(දඬුවම් ලකුණු 4)
  10. දකුණු පස වාහනයට ඉඩ නොදීම (දඬුවම් ලකුණු 4)
  11. අහේතුකව අධිවේගී මාර්ගයේ දිගු දුරක් පසුපස පැදවීම(දඬුවම් ලකුණු 4)
  12. මාර්ග සලකුණු නොතකාහැරීම (දඬුවම් ලකුණු 6)
  13. පොලිස් සලකුණු දැක්වීම් හා වාචික විධාන නොතකා හැරීම(දඬුවම් ලකුණු 6)
  14. නියමිත පරිසර පරීක්ෂණ අසමත් වාහන ධාවනය (දඬුවම් ලකුණු 6)
  15. නියමිත ශබ්දයන්ට වැඩි හඬ නගන වාහන ධාවනය(දඬුවම් ලකුණු 6)
  16. තහනම් තැන්වල හෝන් ගැසීම (දඬුවම් ලකුණු 6)
  17. පුද්ගලයකුට වාහනයකට හෝ මාර්ගයට හානිකර ප‍්‍රමිතියෙන් තොර වාහන භාවිතය(දඬුවම් ලකුණු 10)
  18. ආසන ආරක්ෂණ පටි නොපැළඳීම (දඬුවම් ලකුණු 3)
  19. වංගු-ද්විත්ව ඉරි ආදි තහනම් තැන්වල වාහන ඉස්සර කිරීම (දඬුවම් ලකුණු 4)
  20. කහ ඉරි අසළදී වාහන නැවැත්වීමට අසමත්වීම(දඬුවම් ලකුණු 6)
  21. හෙල්මට් නැතිව මෝටර් සයිකල පැදවීම(දඬුවම් ලකුණු 4)
  22. සෙල්ෆෝන ආදී උපකරණ අතින් පරිහරණය කරමින් වාහන ධාවනය(දඬුවම් ලකුණු 4)

මෙම ලකුණුවල එකතුව 24 ක් වුවිට රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටවනු ලැබේ

Tuesday, March 27, 2012

ලංකාවේ ගණිකාවන් සොයා යන පිරිමින්ගේ තරම


ලංකාවේ ගණිකාවන් 47,000 යි
ගණිකාවන් සොයන පිරිමි 90,000 යි


ශ්‍රී ලංකාවේ පිරිමින් අනුදහසක් (90,000) පමණ අනාරක්‍ෂිතව ගණිකා සේවනය කරතියි ලිංගාශ‍්‍රිත රෝග නිවාරණ ඒකකයේ වෛද්‍ය චන්ද්‍රිකා වික‍්‍රමසූරිය කියයි.


ශ්‍රී ලංකාව තුල එච්.අයි.වී ඒඩ්ස් හා ලිංගාශ‍්‍රිත රෝග අවම කිරීමේ අරමුණින් 2012 වසර සඳහා සැකසෙන සෞඛ්‍ය වැඩසටහන් වෙනුවෙන් අනුරාධපුර දී පැවති විද්වත් සාකච්චාවේදී විශේෂ දේශනයට එක වෙමින් වෛද්‍යවරිය මේ බව පවසා ඇත.

සෞඛ්‍ය අංශ කල සමීක්ෂණ වලට අනුව 2010 වසරේ සංඛ්‍යාලේඛන මගින් මෙරට කාන්තාවන් 35000 ත් 47000 ත් අතර සංඛ්‍යාවක් වාණිජ ලිංගික සේවයේ නියැලෙන බව දැක්වේ. ලිංගාශ්‍රිත රෝග වැලැක්වීම සඳහා යොදාගත හැකි අවසානම විකල්පය වන ආරක්‍ෂිත කොපු භාවිතා කිරීම කාන්තාවන්ගේ සේවා දායකයන් විසින් සියයට සියයක්ම භාවිතා නොකිරීම බරපතල ප්‍රශ්නයක් බව ඇය පෙන්වා දුනි.

ගණිකා නිවාස සම්භාහන මධ්‍යස්ථාන කැසිනෝ ශාලා හා කරෝකි සමාජ ශාලා ආශ්‍රිතව සිදු කරන ලද පරීක්ෂණ වලින් සොයාගත් දත්ත අනුව ආරක්‍ෂිත කොපු භාවිතා කරන ප්‍රතිශතය 63% කි. සම්භාහන මධ්‍යඨාන වල 70% කි. විථි ආශ්‍රිත ගණිකා සේයේ යෙදෙනන් 82% කි.

තවද අනාරක්ෂිත ගණිකා සේවනයේ යෙදීමෙන් ආසාදනවලට ගොදුරු වූ වැඩි පිරිස වයස අවුරුදු 30-44 කණ්ඩායමට අයත් වන අතර වයස අවුරුදු 20-44 වයස් කාණ්ඩයේ අය හා 15 -19 වයස් කාණ්ඩ වල අයද ආසාදනවලට ගොදුරු වී සිටිති.

Sunday, March 18, 2012

රේල්පිල්ලක් බෙල්ල වටේ නැවු යකඩයාගේ අරුම පුදුම කතාව


මට නිකරුනේ අලියෙක් ගැහුවත් මම අලියටත් ගහනවා - යකඩයා

අවුරුදු සියය ඉක්මවා ජීවත්වන මිනිසුන් සොයා ගැනීම අද අප රටේ අපහසු කරුණකි. අවුරුදු 50, 60 වැනි කාලවලදී නොයෙකුත් ලෙඩ රෝග වලට ගොදුරුව තව අවුරුදු කීපයක් දුක්විද බොහෝ දෙනා කෙටි කාලයකින් අවසන් ගමන් යයි. 

මේ අවසාන කාලයේදීත් බොහෝ විට සිය පවුලේ සාමාජිකයන්ගේ උදව්වෙන් ජිවත් වේ. ජීවත් වුවත් මළවුන් වැනිය. මෙවැනි බොහෝ දෙනා අප අපට අද සමාජයේ අනන්තවත් හමුවේ.

නමුත් කිසිවෙකුවත් බරක් නොවී තමන්ගේ ශක්තියෙන් වසර 111 පුරා ජීවත් වූ මිනිසෙකු ගැන ඔබ දන්නවාද? කාත් කවුරුවත් නැතිව මෙපමණ කලක් කෙසේ ජීවත් වනවාද යන්න නම් හිතා ගැනීමට අපහසු කරුණකි. අඩුම තරමේ රජයෙන් හෝ කිසිම ආධාරයක් නොලබා.

අසාහාය කාය ශක්තියකට හිමිකම් කියූ මොහු අපි කව්රුත් නම් කිවූ සැනින් දන්නා “යකඩයා” නමින් හැඳින් වූ ශාන්ති ආරච්චිගේ ජිනදාසයි. කිසිදා නොසැලූණු මේ අසාහාය මිනිසා පසුගිය දිනෙක මෙලොවින් සමුගත් පුවත අසන්නට ලැබුණි. 


රජයේ වියදමින් අවසන් කටයුතු  සිදු කිරීමට සූදානම් කළ තිබුණත් පසුව ගම්පහ ව්‍යාපාරිකයන් පිරිසකගේ මැදිහත් වීමකින් දේහය කැකිරාව ප්‍රදේශයේ ඔහුගේ ඥාතීයෙකුගේ නිවසට ගෙනැවිත් ලබන සෙනසුරාදා භූමදාන කිරීමට නිමිත බව පසුව වාර්තා විය. මා දන්නා තරමින් ඔහුට සිටි එකම නැගෙනියගේ දරුවන් දැනට මෙම ප්‍රදේශයේ ජීවත් වේ.

මුළු රටක් දැන සිටි මේ මිනිසා කිසි දිනක අනුන්ගෙන් කිසිවක් බලාපොරොත්තු වූ අයෙකු නොවේ. තමන්ට අවශ්‍ය දේ තමා විසින්ම සපයා ගනිමින් ඉතාම අල්පේජ්ජ ජීවිතයක් ගත කළ මිනිසෙකි. කිසිවක් තමා වෙනුවෙන් ඉතිරි කර නැති මොහු තමට ලැබෙන පරිත්‍යගයන්ද ‍දුප්පතුන්ට පරිත්‍යාග කරමින් මහ මඟ ජීවත් විය.


තමන්ට කියා නිවසක් හෝ කිසිම දෙයක් නොමැති මේ අපූරු පුද්ගලයා සිය ප්‍රථම ආදරය වෙනුවෙන් ජීවිත කාලයම කැප කර ඇති තම ආදරවන්තිය කාපීරින් විසින් මරා දැමීමෙන් අනතුරුව තනිව ජීවත් වීමට තීරණය කර ඇත. තමාට යකඩයා යන නමින් ඇමතීම පිළිබඳ ඉතා නිහතමානි ආඩම්බර කමක් හිත රඳවාගෙන සිටි මොහු තමන්ගේ සැබෑ නම වන ජිනදාස යන නමට දැක්වූයේ දැඩි කැමැත්තකි. ඒ බුදු හිමියන්ට සේවය කරන අයෙකු ලෙස හැඳින්වීමටයි.

වරෙක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී ලබාදුන් රුපියල් 10,000 ක මුදල ජනාධිපති මන්දිරයෙන් පිටව යද්දීම ඒ අසල සිටි යාචකයන්ට බෙදා දී තිබුණි. 


“ ඉතින් දහදාහ එතන බෙදුවා හිඟන්න්නොන්ට. ඉතිං මට පොලිසියෙන් කිව්වා මොන පිස්සු වැඩක්ද ඕයි මේ කලේ? මම කිව්වා මම තනි මිනිහෙක් කනවට වඩා ඔය සිය ගානක් දුප්පත්තු කන එක කොයි තරම් පිනක්ද කියලා ඇහුවා. 

ඉතිං කොල්ලෝ ටික සේරම පිරිලා. ඉතිං දුන්නා. ඊට පස්සේ මට පිස්සු කියලා ඔක්කොම හිතා ගත්තා. පිස්සුවක් නෙම්යි ඒක මගේ කරුණාව. ඒක ජනාධිපතිතුමාටත් පිං. එතුමා දීපු සල්ලිනේ. එතුමාට පින් අයිති වෙන්න ඕනේ.” 

තමන්ට ඉන්න හිටින්න තැනක් නැතිව, කන්න බොන්න දෙන්න කෙනෙක් නැතිව ඔහේ ඇවිද ඇවිද හිටපු සියවසක් ඉක්මවූ මේ මිනිසාගේ සිතුම් පැතුම් කොතරම් ආදර්ශවත්ද.

කිසිවෙකුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවූ මොහු මගෙන් එක් ඉල්ලීමක් පමණක් කළේය. 


“මහත්තයා මේ විස්තර පත්තරේට ලියන්න. අපේ අනාගත ළමයි මේවා දැන ගන්න ඕනේ. මෙච්චර කාලයක් මම මේ විදියට නිරෝගීව ජීවත් වෙන්නේ මස් මංශ නොකාපු නිසා. ඒ වගේම අරක්කු සිගරැට් නොබීපු නිසා” 

මේ සාකච්ජාව අන්තර්ජාලයට එක් කරන බව පැවසූවත් එය ඔහුට අවබෝධ කර දීමට නම් මට නොහැකි විය. අවාසනාවට ඔහු මිය යන තෙක්ම මෙම සාකච්ජාව පුවත් පතකට ලිවීමට මට අවස්ථාවක් නොලැබුණි.

මොහුට යකඩයා යන නම පට බැඳුණු ආකාරය ඉතාම රසවත් කතාවකි. මේ ඔහුගේම වචන වලින 


“ඉතිං අපි රේල් පාරේ යනකොට කංකානම යන්නන දෙන්න බෑ කිව්වා. ඇයි කියලා අහුවා. අපට තාර පාරක් නෑ නේ රේල් පාරෙනේ යන්න තියෙන්නේ කිව්වා. නෑ ඒ වුණාට යන්න දෙන්නේ නෑ කිව්වා. 

තමුසේ කොහොමද රජ්ජු‍රුවෝ වෙන්න හදනවාද කියලා ඌ ගැහුවා අර රේල් පීල්ල මනින ලේවෙල් එකෙන් මට එකක්. ගහපුවාම යකඩ කූර අල්ලාගෙන ඇදලා ගත්තා. 

සීයා උගන්නපු චීනාඩි සාස්තරෙන් දුන්නා බීජ කෝෂය, තැලිවල, බොටුව පහර තුන ගැහුවා දිව එළියට දාගෙන වැටුනා. මුගේ උළුව පලන්න නෑනේ පොල්ලක් කියලා හිටන් බලපුවාම අර අඩි 10 රේල් පීලි ගොඩක් තියෙනවා. 

ඉතිං මම ඇල්ලුවා එකක්. පුළුන් රොද වගේ ආවා. ආවාම අර රේල් පාර අස්සෙන දාලා නැමුවා. මුගේ බෙල්ලට දාන්න ඕනේ කියලා. පස්සේ බෙල්ලට දාලා හිර කළා. පස්සේ උසාවි ගිහින් මට කියලා ගැලෙව්වේ.

නඩුකාරයා ඇහුවා තව යකඩ පුත්තු ගෙදර නැද්ද කියලා. ඊට පස්සේ උසාවියෙන් එනකොට නඩුකාරයා කිව්වා ඔයු ශක්තිය හොඳට යොදවන්න කිව්වා. නරකට යොදවන්න එපා කියලා. මම කිව්වා නිකරුනේ අලියෙක් ගැහුවොත් මම අලියටත් ගහනවා කිව්වා. එලියට එනකොට ආන් යකඩයා යනවා කියලා කට්ටිය කිව්වා.”

මේ සිදුවීමෙන් පසුව ඔහුට ඉතා විශාල ප්‍රසිද්ධියක් ලැබුණු අතර විදේශ රටවලින් පවා මොහුව රැගෙන යන්නට පැමිණි බවත් නමුත් ලංකාවේ සිටීමට සහ රටට සේවය කිරීමේ කැමැත්ත නිසා එසේ නොගිය බව මා සමග පැවසීය.

තම ජීවිත කථාව
චිත්‍රපටයකට නැඟිම පිළිබඳ ඉතාම ආඩම්බරයෙන් සිටියත් ගමිණි ෆොන්සේකා මහතා යකඩයාගේ චරිතය රඟපෑ ආකාරය සම්පූර්ණයෙන්ම තම චරිතයට නිගා කිරීමක් ලෙස හෙලා දකියි. 

කිසිදිනෙක මත්පැන් සිගරැට් තොල නොගෑ මේ සැබෑ මිනිසා තම ජීවිත කතා පටයේදී මත්ලෝලියෙකු සේ හැඳින්වීමට එහි අධ්‍යක්ෂ මරවනාගොඩ යන සහ ගාමිණි ෆොන්සේකා ගත් උත්සහාය ගැන ඔහුගේ වදනින් 

“ මම කීවා ගාමිණියට එන්න කියලා වත්තලට ගෙනාවා. මං අරක්කු බොනවා මස් මාලු කනවා දුම්බොනවා දැකලා තියෙනවාද යකෝ කියලා ඇහුවා මං. පර බල්ලා.... ඒක මං පුරුද්දක් වශයෙන් කරන දෙයක් කියලා මගෙන් සමාව ගත්තා” 

මේ ආකාරයට එදා සිටිම මේ මිනිසා අසාධාරණයට ලක් වී ඇති අතර මෙම චිත්‍රපටය වෙනුවෙන්ද තමා කිසිම මුදලක් ලබා නොගත් බව පැවසුවේ ඉතාම උජාරුවෙනි.

සිය ජීවිතයේ අවසාන කාලයේදී පවා මොහු ගතින් වයසට ගියද සිතින් තම තරුණ කල තිබූ ජවය මත ජීවත් වූ අයෙකි. ඔහුගේ අසාහාය කාය ශක්තිය පිළිබඳ මා විමසූ විට පැවසුවේ ඕනෙ වෙලාවට ශක්තිය තමාට ලැබෙන බවයි. 


මොහුගේ කායික ශක්තියේ හා මානසික ශක්තියේ නොගැලපීම නිසාම අවසන් කාලයේදී මානසික රෝගීයෙකු වන්නට ඇතැයි මට සිතේ. සිය වසකටත් වඩා වැඩි කලත් ජීවත් වූ මොහුගේ පෙනුම අවුරුදු 70 පමණ අයෙකුගේ වන අතර කටහඬද ඉතාම තියුණුය. 

සිය ජීවිතයේ අවසන් දශක කීපය ඉතා ධාර්මිකව ගෙවන්නට උත්සහා ගත් බවක පෙනෙන්නට තිබුණි. යන්ත්‍ර මන්ත්‍ර කෙරෙහි ඉතා තදින් විශ්වාස කළ මොහු නිතරම යමක් සඟාවාගෙන ආරක්ෂා කරන අයුරක් දිස්විය. 


තමන් සතුව තිබූ සියල්ල අන් අයට බෙදා දුන් ජිනදාසට ඉතිරිව තිබූ යකඩ යෂ්ඨියත් ත්‍රීකුණාමල රෝහලේදී මීට වසර ගනනාවකට කලින් කිසියම් කෙනෙකු පැහැර ගත් බව පැවසුවත් එය ගැන එතරම් තැකීමක් තිබුනේ නැත.

සිය තරුණ කාලයේදී සිදුකළ යම් යම් ක්‍රියකාරම් පිළිබඳ කිසිඳු අවස්ථාවක පසුතැවීමක් ඔහුට තිබුනේ නැත. බලාපොරොත්තුවක් ද තිබුනේ නැත. 


නමුත් නිදහස් තැනෙක සැදෑ සමය ගත කිරීමේ ආශාවක් නම් හිතේ තිබුණු බව පැහැදිලිය. හැම විටම තමන් නිවැරදි දේ කළ බව ඔහුගේ විශ්වාස විය. තමන්ට කාත් කුවුරුවත් නොමැති බව පැහැදිලිව දැන සිටි ජිනදාස පිලිබඳ මුලු ලංකාව දැන සිටියත් කිසිවෙකුගෙන් කිසිවක්ම ඉල්ලා සිටියේ නැත.


ලංකාවේ රොබින් හුඩ් යැයි කීවත් රොබින්හුඩ්ට ලැබුණු පිලිගැනීම පසුකාලයේදී ඔහුට ලැබී තිබුනේ නැත. බලාපොරොත්තු වූයේද නැත. එසේ බලාපොරොත්තුවක් නොමැතිව අනුනන්ට හැකි පමනින් උදව් කළ ඒ අසාමාන්‍ය ශක්තිමත් මිනිසාට අපි නිවන් සුව පතමු.

Wednesday, February 22, 2012

ඩයලොග් වෙතින් අධිවේගී මාර්ගයට තාක්ෂණික සහය

ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා තාක්ෂණික සේවා සැපයීමට ඩයලොග් ඇක්සිටා සමාගම විසින් මාර්ග සංවර්ධන අධිකාරිය සමග එක්ව ඇත.

එම සේවාව "ඩයලොග් බිස් කන්නෙක්ට්" ලෙස හදුන්වා දී ඇත.ඒ අනුව මධ්‍යගත පරිගණක සර්වරයක් ඩයලොග් විසින් ස්ථාපිත කර ඇති අතර එය සමග අධිව්වේගී මාර්ගයේ සියලුම ඇතුලත්වීමේ පිටවීමේ ස්ථාන වල ඇති ටිකට් යන්ත්‍ර සමග සම්බන්ධකොට ඇත.

ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියට එම ටිකට් යන්ත්‍ර ඔස්සේ මධ්‍යගත සර්වරයට mobile Access Point නෙට්වර්ක් තාක්ෂනය ඔස්සේ සම්බන්ධ වී සපයන දත්ත බලාගැනීමේ හැකියාව ඇත.

Real time basis ක්‍රමය යටතේ මාර්ග සංවර්ධන අධිකාරියට අධිවේගී මාර්ගයට ඇතුලත් වූ වාහන සංඛ්‍යාව, වාහනයේ ලියාපදිංචි අංකය,ජනනය කරනු ලැබූ ආදායම දැනගත හැකයි.