Jeewan Rathnayake

Wednesday, February 22, 2012

ඩයලොග් වෙතින් අධිවේගී මාර්ගයට තාක්ෂණික සහය

ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා තාක්ෂණික සේවා සැපයීමට ඩයලොග් ඇක්සිටා සමාගම විසින් මාර්ග සංවර්ධන අධිකාරිය සමග එක්ව ඇත.

එම සේවාව "ඩයලොග් බිස් කන්නෙක්ට්" ලෙස හදුන්වා දී ඇත.ඒ අනුව මධ්‍යගත පරිගණක සර්වරයක් ඩයලොග් විසින් ස්ථාපිත කර ඇති අතර එය සමග අධිව්වේගී මාර්ගයේ සියලුම ඇතුලත්වීමේ පිටවීමේ ස්ථාන වල ඇති ටිකට් යන්ත්‍ර සමග සම්බන්ධකොට ඇත.

ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියට එම ටිකට් යන්ත්‍ර ඔස්සේ මධ්‍යගත සර්වරයට mobile Access Point නෙට්වර්ක් තාක්ෂනය ඔස්සේ සම්බන්ධ වී සපයන දත්ත බලාගැනීමේ හැකියාව ඇත.

Real time basis ක්‍රමය යටතේ මාර්ග සංවර්ධන අධිකාරියට අධිවේගී මාර්ගයට ඇතුලත් වූ වාහන සංඛ්‍යාව, වාහනයේ ලියාපදිංචි අංකය,ජනනය කරනු ලැබූ ආදායම දැනගත හැකයි. 







ගණිකා වෘතියේ නියැලුණු ටෙලි නිලියන් දෙදෙනෙකුට දඩ


ගණිකා වෘතියේ නියැලුණු ටෙලි නාට්‍යය නිලියන් දෙදෙනුකට අද ගල්කිස්ස උසාවිය මගින් දඩ නියම කරනු ලැබුවා. 

ගල්කිස්ස උසාවියේ මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් ඔවුන් දෙදෙනාට රුපියල් 250 ක දඩයක් හා තුන්මසක සිර දඬුවමක් නියමකොට එය පස් වසරකට අත්හිටුවා ඇත.

මෙසේ දඩ නියමවුණු ටෙලි නාට්‍යය නිලියන් වන්නේ සජීවනී පෙරේරා හා අසනිකා උදාරි ද සිල්වායන දෙදෙනායි. 

රුපියල් 10,000 ත් 15,000 ත් අතර ගැණුම්කරුවන් ඔවුන් සම්බන්ධකරගෙන ඇත්තේ ලිබර්ටි ප්ලාසා ඉදිරිපිට ත්‍රි රෝද රථයක සිට බව වාර්තා වේ.



සජිවනි පෙරේරා රුපවාහිනියේ විකාශනය වුන "ඇඟිලි සලකුණ" වැඩසටහන මගින් රංගනයට පැමිණි අතර මේ වනවිට අන්ගේ රංගන දිවියට වසර 8 ක් සපිරි තිබෙනවා.


ඉන්පසුව නර්තන ශිල්පිනියක් ලෙස චිත්‍රපටවලට දායකවුණ සජිවනි පසුව නිරුපිකාවක් හා ගායිකාවක් ලෙස ජනප්‍රියත්වයට පත්වන අතර ඉන් පසුව පතිනි, ගෞතමී ඇතුළු ටෙලි නාට්‍ය රැසකද රෝයි ද සිල්වාගේ "සර් ලාස්ට් චාන්ස් " චිත්‍රපටයේද චරිත නිරුපණය කොට ඇත.

0 comments:


Post a Comment